Spread the love

පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය හරහා රාජ්‍ය මූල්‍ය පරමාධිපත්‍යය ශක්තිමත් කිරීම සහ එය කෙටි – මධ්‍ය කාලීන අනාගතයේ අයවැය කළමනාකරණය කෙරෙහි ඇති කරන බලපෑම සම්බන්ධයෙන් වූ සම්මන්ත්‍රණයක් වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සහ එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් මෙහි මූලික දේශන පවත්වන ලද අතර, පාඨලී චම්පික රණවක මහතාගේ දේශණයේ පහත සඳහන් මූලික කරුණු අන්තර්ගත විය.