Spread the love

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට පැමිණීමේදී ගුවන්තොටුපොළ හෝ වෙනත් කිසිම ස්ථානයක දී අත්අඩංගුවට නොගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් අද නියෝගයක් නිකුත් කලේය.

දේවගැති ජෙරම් ප‍්‍රනාන්දු වෙනුවෙන් ගොනු කරන ලද පෙත්සමක් සලකා බලමින් අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය රහස් පොලිසිය වෙත අද නිකුත් කරන ලදී.

දේවගැතිවරයා විසින් සිදුකරන ලද ආන්දෝලනාත්මක දේශනයක් හේතුවෙන් අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබූ අතර ඔහු මේ වන තෙක් විදෙස්ගතව සිටි.

ජෙරොම් ප්‍රනාන්දුට රටින් පිටවීම වාරණයක් අධිකරණය විසින් නිකුත් කර ඇති අතර ඊට පෙර ඔහු විදේශගත වීම හේතුවෙන් ඔහුව ආපසු මෙරටට පැමිණීමේ දී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානමින් සිටියේය.