Spread the love


භාණ්ඩ වැඩි මිලට අලෙවි කිරීම, තොග සැඟවීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් මේ වසරේ ගතවු මාස දහය ඇතුළත දිවයින පුරා සිදු කළ වැටලීම්වලින් රුපියල් කෝටි 22ක දඩ මුදලක් අයකර ගෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එම කාලය තුළ දිවයින පුරා වැටලීම් 22,000ක් පමණ සිදු කර ඇති අතර, ඉන් 19,000කට නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.