Spread the love

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයන් ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පුද්ගලයන් හත්දෙනාගෙන් මෙරට සියලු පුද්ගලයෙකුටම රුපියල් 150,000 බැගින් ලබා ගැනීමේ හැකියාව ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවසීය.

”රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු මුදල් ඇමතිවරුන් වන මහින්ද රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ, හිටපු මහබැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ආචාර්ය ඩබ්.ඩී. ලක්‍ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඒස්.ආර්. ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ශ්‍රී ලංකා මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන් යන අය ඇතුළු පිරිසක් වගකිව යුතු බව අද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

අපි මුල ඉඳන්ම කිව්වේ මේක. අපි අවුරුදු තුනක් කතා කළත් කවුරුත් මේක පිළිගත්තේ නෑ. අපි ශ්‍රේෂ්ඨාධිකරණයට, පෙත්සම්කරුවන්ට හිස නමනවා.

මේකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා දන්නවාද? ලංකාවේ ඉන්නවා මිලියන 22ක් ජනතාව. ඒ සෑම කෙනෙක්ටම පුළුවන් අධිකරණයට ගිහින් මේ පුද්ගලයන් 07 දෙනාගෙන් රුපියල් 150,000ක් අය කර ගන්න. මොකද මේ පෙත්සම්කරුවන්ට රුපියල් 150,000 ගානේ ගෙවන්න තීන්දු කරලා තියෙනවා.