Spread the love

අම්පාර සමන්ගල පුරාවිද්‍යා පරිශ්‍රය ආශ්‍රිතව කළ කැණීමකින් පූර්ව ඓතිහාසික යුගයට අයත් සුසාන චාරිත්‍ර පිළිබඳ වැදගත් තොරතුරු රැසක් සොයාගත් බව අම්පාර හා මඩකළපුව පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ අනුශාන් මුණසිංහ මහතා පවසයි.

කැනීමෙන් පාදා ගත් ඉපැරණි දාගැබක යට පස් ස්ථරයේ තිබී පූර්ව ඓතිහාසික යුගයේ ආදාහන කටයුතු සඳහා භාවිත කළ මැටි ඔරුවක හැඩැති ව්‍යුහයක් හමුව ඇති අතර දාගැබේ නටබුන් පාදා ගැනීම කැණීමේප්‍රධාන අරමුණ වී තිබේ.

එහිද ී මැටි ඔරුවක් හැඩැති ව්‍යුහය මතුවීමත් සමගින් කැනීම් තවදුරටත් පුළුල් කළ අතර ඉතිර කොටස් වලින් හමුවූ අඟුරු කොටස්වලින්  කාල නිර්ණ වාර්තා ලබා ගැනීමට  නියමිතයි.
මේ අතර කැණීමකින් පාදා ගත් දාගැබේ නටබුන් අනුරාධපුර මුල් භාගයට අයත් බවට අනුමාන කෙරේ. 
මෙම පුදබිම සද්ධාතිස්ස රජ සමයට අයත් බවට එහි ඇති ශිලා ලේඛන සාධක අනුව හෙළිවන ඇත.
කැණීම තවදුරටත් ක්‍රියාත්මක බව වැඩිදුරටත් සුවේය.