Spread the love


නිමල් රාජපක්ෂ –

දුම්රිය ස්ථානයේ ධාවනාගාරයෙන් ඩීසල් ලීටර් 545ක ප්‍රමාණයක් සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධව අනුරාධපුර දුම්රිය ස්ථානයේ ආරක්ෂක අංශයේ ස්ථානභාර නිලධාරීවරයා ඇතුළු දුම්රිය සේවකයින් 5 දෙනෙකුගේ වැඩ තහනම් කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ ඩබ්ලිව් බණ්ඩාර මහතා පවසයි

පසුගිය සැප්තැම්බර් මස 19 වනදා මෙම ඩීසල් සොරකම සිදුව ඇති අතර මේ පිළිබඳ සොයාබැලීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ. .

අදාළ කමිටුව ඉදිරිපත් කළ වාර්තාව සැළකිල්ලට ගනිමින් අනුරාධපුර දුම්රිය ස්ථානයේ ආරක්ෂක අංශයේ ස්ථානභාර නිලධාරීවරයා ඇතුළු දුම්රිය සේවකයින් 5 දෙනෙකුගේ වැඩතහනම් කිරීමට පියවර ගෙන ගත් බවද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පවසයි.

ඩිසල් සොරකම් සම්බන්ධයෙන් වන විමර්ශන සම්පුර්ණයෙන් අවසන් වන තෙක් ඔවුන්ගේ වැඩතහනම් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂක අංශයටත් මේ පිලබදව වහාම සොයා බලන ලෙස උපදෙස් දුන් බවද දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ ඩබ්ලිව් බණ්ඩාර මහතා පැවසුවේය.
මීට අමතරව අනුරාධපුර පොලීසිය මඟින් ද මේ පිළිබඳ විමර්ශනයක් සිදුකරමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.