Spread the love

ජාතික දීපවාලි සැමරුම් උත්සවය සමගාමීව සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් නිකුත් කරයි.

එසේ නිකුත්කළ සමරු මුද්දරය හා මුල් දින කවරය නියෝජ්‍ය තැපැල්පති ඩී.ඒ.රාජිත.කේ. රණසිංහ මහතා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත එහිදී පිළිගන්වනු ලැබීය.
ජාතික දීපවාලි සැමරුම් උළෙල සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයට පත් කළ සුබ පැතුම් පණිවුඩය එහිදී අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඉදිරිපත් කළ අතර, දරුවන්ගේ චමත්කාර නර්තන අංගවලින් උත්සවය වර්ණවත්ව පැවැත්විණි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, වවුනියාව කන්දසාමි කෝවිල,වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙම උලෙළ සංවිධානය කෙරිණි.