Spread the love

ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන අතර තරඟය අද ඉන්දියාවේ පූනේ හිදී පැවැත්වීමට නියමිතය.

එම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වෙනස්කම් දෙකක් සිදු කිරීමට නියමිත බව කණ්ඩායම් ආරංචි මාර්ග වාර්තා කරයි.

ආබාධයට ලක්ව සිටින ලහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර කණ්ඩායමට ඇතුළත් කිරීමට නියමිතව තිබේ.

එමෙන්ම ආබාධයට ලක්ව සිටින ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා වෙනුවට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න කැඳවීමට නියමිතව ඇතැයිද වාර්තා වෙයි.

දිමුත් කරුණාරත්න එක්දින තරග 48 කට සහභාගි වී ලකුණු 1301ක් ලබා ඇත්තේ ශතක එකක් සහ අර්ධ ශතක 11 ක් සමගිනි.

හයේ පහර එකක් සහ හතරේ පහරවල් පහළොවක් ඔහු එම සියළු තරගවල එල්ල කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ මේ වන විට ප්‍රසාද ලකුණු හතරක් ලබාගෙන පස්වන ස්ථානයේ පසුවෙයි.

අවසන් හතර දෙනාගේ වටයට යාම සදහා නම් ශ‍්‍රී ලංකාවට ඉදිරියේ පැවැත්වෙන තරග හතරම අතිශය වැදගත් වෙයි.