Spread the love

මෙරට මුහුදු සීමාව තුළ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයන් 37 දෙනෙක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව ඊයේ පස්වරුවේ සිට අද අලුයම දක්වා සිදුකළ සෝදිසි කිරීම්වලදී මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ ඩෙල්ෆ් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ධීවර යාත්‍රා 5ක් ද සමග ඔවුන් අත්අඩංගුවට ගෙනඇත.

ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයි මන්නාරම සහ යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතයි.