Spread the love

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ඊයේ (27) රාත්‍රියේ ද ප්‍රදේශ කිහිපයක පන්දම් දල්වමින් මහජන විරෝධතා පවත්වා ඇත..

බෙලිඅත්ත සහ හෝමාගම යන ප්‍රදේශවල ජාතික ජනබලවේගය විරෝධතා සංවිධානය කර තිබූ අතර, ගලිගමුව, පානදු​ර, වරකාපොළ, මාවතගම සහ කළුතර යන ප්‍රදේශවල සමගි ජන බලවේගය පන්දම් විරෝධතා සංවිධානය කර තිබිණ.

එමෙන්ම 43 වැනි සේනාංකය පිටකොටුවේදී විරෝධතාවක් සංවිධානය කර තිබූ අතර, Youth for Change සංවිධානය නුගේගොඩදී විරෝධතාවක් සංවිධානය කර තිබිණ.

මීට අමතරව විදුලි බිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ගෙලිඔය ශ්‍රී වේළුවනාරාම විහාරස්ථානයේ කළු කොඩි ප්‍රදර්ශනය කර තිබූ බවද වාර්තාවිය.