Spread the love

සහල් මිල පාලනය කරගන්නට නොහැකි වුණොත් සහල් ආනයනය කරන්නට සිදුවන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

සහල් මිල සම්බන්ධව මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවක ඔහු මෙම අදහස් දැක්වීම සිදුකළේය.

මාධ්‍ය හමුවේ ඔහු දැක්වූ අදහස්,

‘පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන්න නිෂ්පාදකයෝ සහ වෙළෙන්දෝ කටයුතු කරනවා. මේක රටේ ජනතාවට දරා ගන්න පුළුවන් වැඩක් නෙවෙයි.

ඒ නිසා මම දිස්ත්‍රික්කවලට ගිහින් ඒ සඳහා නායකත්වය දීලා අනිවාර්‍ය් වැටලීම් කරනවා.

ඒ වැටලීම් අතරතුර සහල් මිල පාලනය කරගන්න බැරි වුණොත් , සහල් ආනයනය කරන්න වෙනවා.’