Spread the love

පිටකොටුව ගින්නෙන් තුවාල ලැබූ සංඛ්‍යාව තවත් ඉහළට
පිටකොටුව ගින්නෙන් තුවාල ලැබූ සංඛ්‍යාව තවත් ඉහළට
October 27, 2023 11:05 am

යාවත්කාලීන කිරීමයි…

October 27, 2023 11:56 am

පිටකොටුව දෙවන හරස් වීදියේ වෙළෙඳසැලක අද (27) උදෑසන හටගත් ගින්නෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 17ක් දක්වා ඉහළ ගොස් තිබේ.


පිටකොටුව ගින්නෙන් 15ක් රෝහලට
October 27, 2023 10:49 am

පිටකොටුව දෙවන හරස් වීදියේ වෙළෙඳසැලක අද (27) උදෑසන හටගත් ගින්නෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබේ.

රෝහල් ආරංචිමාර්ග ඒ බව සඳහන් කරයි.

ඒ අනුව අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

පුද්ගලයින් 06 දෙනෙකුට බරපතළ පිළිස්සුම් තුවාල ඇති බවද වාර්තා වෙයි.

අද පෙරවරු 09.30ට පමණ දෙවන හරස් වීදියේ රෙදිපිළි අලෙවි සැලක මෙම ගින්න හටගෙන තිබුණි.

කොළඹ ගිනිනිවන ඒකකය විසින් ගින්න මැඩපවත්වා ඇති අතර ගින්නෙන් වෙළෙදසැල් කිහිපයකට හානි සිදුවී ඇති බවද පොලීසිය පවසයි.

ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පිටකොටුව පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.

——————–

පිටකොටුවේ වෙළෙඳසැළක ගින්නක් හටගෙන තිබේ.

පිටකොටුව 2 වන හරස් වීදියේ වෙළඳසැලක් තුළ එම ගින්න හටගෙන ඇත.

ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනිනිවීමේ ඒකකය ගිනිනිවන රථ 07ක් යොමුකර ඇති බවද වාර්තා වෙයි.