Spread the love

මෙවර අයවැය තුළින් රුපියල් 20,000 ක වැටුප් වැඩිවීමක් සිදු නොවුනහොත් නොවැම්බර් 13 වනදායින් පසු දෙවැනි අරගලයක් ආරම්භ කරන බව පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසයි.
විදුලි බිල්, ජල බිල්, දුරකථන බිල්, පාසල් වෑන් රථ ගාස්තු ගෙවූ පසු රාජ්‍ය සේවකයින්ට කාර්යාලයට පැමිණීමට ප්‍රවාහන වියදම හෝ සොයා ගැනීමට අපහසුවී ඇති බවයි ඹවුන් පෙන්වා දෙන්නේ .