Spread the love

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් ලෝක කුසලාන සංචිතයට කැඳවා ඇති බව වාර්තා වනවා.

දකුණු උරහිසේ ඇති වූ අබාධයක් හේතුවෙන් මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදු වුණා.

කෙසේ වෙතත් මීට පෙර වාර්තා වුණේ මතීෂ පතිරණ වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා සංචිතයට කැඳවනු ඇති බවටයි.