Spread the love


නිමල් රාජපක්ෂ

රුපියල් ලක්ෂ 200 කින් මන්නාරම, සිලාවතුර මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකෙරුනු “Kuwait Zakath” නව දෙමහල් ගොඩනැගිල්ල සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) විවෘත කෙරිණ.
ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ ඉල්ලීම පරිදි “කුවේට් සකාත් හවුස්” ආයතනයේ මූල්‍යාධාර මත මෙම ගොඩනැගිල්ල ඉදි කර තිබේ.
. මෙම පාසලේ සිසු දූ දරුවන් 350 කට ආසන්න පිරිසක් ඉගෙනුම ලබයි.

මහල් දෙකකින් සමන්විත මෙහි පහත මාලයේ පන්ති කාමර 3 ක් සහ ඉහළ මාලයේ ප්‍රධාන ශාලාව ඉදිකර ඇත.

මෙම අවස්ථාවට ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය කුවේට් තානාපති බදර් අල්නෝ වයිම්, කුවේට් සකාත් හවුස් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මජීඩ් එස්.එම්.එස්. අලසෙමි යන මහත්වරුන් ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.