Spread the love

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වහා අත්අඩංගුවට ගත යුතුව ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

රඹුක්වැල්ල මහතාගේ අමාත්‍ය ධූරය වෙනස් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවද ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවද ෆොන්සේකා මහතා කියා සිටීයි.

කැබිනට් සංශෝධනය ගැන අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.