Spread the love

වඩා මෑත දත්ත භාවිත කරන බැවින් පෙර මාස සඳහා ඡන්ද ඇස්තමේන්තුවල කුඩා වෙනස්කම් ඇති බව සමීක්ෂණ ආයතනය පෙන්වාදෙයි.

මෙම සමීක්ෂණය සඳහා යොදාගෙන ඇති කුඩා සාම්පල ලබාගැනීමේ ක්‍රමවේදය වෙනත් රටවල ඡන්ද ආයතන විසින් ද වැඩි වැඩියෙන් භාවිත කරන ක්‍රමයකි.

එක්සත් රාජධානියේ බ්‍රෙක්සිට් ජනමත විචාරණයේ සහ මෑත කාලීන එක්සත් රාජධානියේ මහ මැතිවරණයේ ප්‍රතිඵල පුරෝකථනය කිරීමට භාවිත කර තිබුණේද මෙම ක්‍රමයයි.

සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය පෙන්වාදෙන්නේ නියැදිය ජාතික ජනගහණයට ගැළපෙන බව සහතික කිරීම සඳහා සියලුම ඇස්තමේන්තු සකස්කර ඇත්තේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ජනවාර්ගිකත්වය, සමාජ ආර්ථික තත්ත්වය, අධ්‍යාපනය, භූගෝලීය පිහිටීම සහ 2019 ජනාධිපතිවරණයේ සහ 2020 මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ආදී සියලු කරුණු සැළකිල්ලට ගෙන බවයි