Spread the love

පවතින අයහපත් කාළගුණ තත්ත්වය හමුවේ සිදුවිය හැකි ආපදා තත්වයන් සදහා පූර්ව ක්‍රියාමාර්ග හරහා වලක්වා ගැනීමට නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව පාලත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.
එවන් පසුබිමක් තුල පළාත් පාලන ආයතන වල අදාළ කාර්යයන් සිදු කිරිමට සේවකයන් නොමැති බව පවසා එහි කාර්යයන් මගහැර සිටීමට නිළධාරින්ට කිසිදු හැකියාවක් නොමැත.
එම කාර්යයන් සිදු කිරීමට සේවකයින් නොමැති නම් ගතයුතු පියවර සම්බන්ධයෙන්ද අදාළ නිළධාරින් දැනුවත් කර තිබේ.
ඒ අනුව හදිසි ආපදා තත්ත්ව යකදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පළාත් පාලන ආයතනවල කොමසාරිස්වරුන්ට හා ලේකම්වරුන්ට බලය ලබාදි තිබේ.

මේ අතර අනවසර ඉදිකිරීම් හේතුවෙන් කාණු පද්ධති අවහිර වීම හේතුවෙන් බොහෝ ප්‍රදේශ වල ජල ගැලීම් වාර්තා වෙයි.

ඒ හේතුවෙන් අනවසර ඉදි කිරීම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.