Spread the love


නිමල් රාජපක්ෂ-


.
කුරුණැගල දිස්ත්‍රික්කයේ අලෙවි මණ්ඩලයට අයත් ගබඩා පහක වටිනාකම රුපියල් ලක්ෂ 1000කට ආසන්න වටිනාකමකින් යුතු වි තොග අතුරු දන්වි ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සේවකයින් පවසයි.
එ් අනුව නිකවැරටිය, පොල්ගහවෙල, මහව ඇතුළු ගබඩා පහක 2020 හා 21 වර්ෂවල කන්න කිහිපයක දී වරින්වර මිල දී ගත් වී තොග මෙසේ අතුරු දන්වි ඇතැයි සේවකයින් කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා ට පැමිණිලි කර තිබේ

මෙම වී තොග අතුරුදන්වීමට වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ මෙන්ම ප්‍රාදේශීය කාර්යාලවල සිටින ඇතැම් නිලධාරින්ද සම්බන්ධ බවට ද තොරතුරු ලැබී ඇතැයිද එම සේවකයින් පවසා ඇත.
මෙම වී ‌‌තොග වලට සිදුවූයේ කුමක්ද? යන්න පිළිබඳව තමන්ට දින තුනක් තුළ වාර්තාවක් ලබා දෙන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතාට අඋපදෙස් දෙනු ලැබීය.
මෙම වී තොග සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසිය හා අපරාධ විමර්ශණ අංශය මගින් විධිමත් විමර්ශණයක් ආරම්භ කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයාට සම්පූර්ණ වාර්තාවක් දින තුනක් තුළ ලබා දීමට කටයුතු කරන බව සභාපතිවරයා සඳහන් කළේය.