Spread the love

විදුලි ගාස්තු යළි වැඩි කර ඇති නිසා භාවිතා කරන ඒකක ප්‍රමාණය අනුව ගාස්තුව ඉහළ යන නිසා ලයිට් නිවා තැබීමට හෝ අරපරිස්සමෙන් පාවිච්චි කිරීමට කටයුතු කළ බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සඳහන් කරයි.

ජනතාව මුහුණ දෙන ප්‍රශ්න සඳහා ආණ්ඩුව ඉක්මන් විසඳුම් ලබාදෙනු ඇතැයි පක්ෂයක් ලෙස බලාපොරොත්තුව වූ නමුත් අවාසනාවට එවන් තත්ත්වයක් තවමත් දැකගත නොහැකි නැති බවද හෙතෙම කියා සිටියි.

පොදුජන පෙරමුණ මූලස්ථානය දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.