Spread the love

Smart රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනඟමින් රටේ ආර්ථිකය ඉහළට ඔසවා තැබීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් අනතුරුව ව්‍යවස්ථාවට අනුව ලබන වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.