Spread the love


නිමල් රාජපක්ෂ-

විදුලිබිල්පත් ඉහළයාම මේ අවස්ථාවේ මහජනතාවට දරා ගැනීමට අපහසු බව රජය පිළිගන්නා බවත් , රටවල් කිහිපයක් අතර ඇතිව තිබෙන යුද්ධමය තත්ත්වය හේතුව නිසා ආනයනය කරනු ලබන ද්‍රව්‍ය මිල ඉහළ ගොස් තිබෙන බැවින් විදුලි බිල ඉහළ දැමීමට සිදුවීම කණාගාටුදායක තත්ත්වයක් බවත් කෘෂිකර්ම අමාති මහින්ද අමරවීර මහතා ප වසයි.

නමුත් ජලබිල්පත් ඉහළ නැංවීමට මෙම අවස්ථාවේ දී අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා එවැනි යෝජනාවක් ඉදිරි වුවහොත් ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා නොදෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (21) හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන්ට මෙවර මහ කන්නයේ දී බඩඉරිඟු වගාව සඳහා අවශ්‍ය බීජ නොමිලයේ බෙදා හැරීමේ අගුනකොළපැලැස්සේ දී පැවැති වැඩ සටහනට සහභාගි වෙමිනි.
ලෝකයේ බලවතුන් අතර පවතින මෙම යුද්ධමය වාතාවරණය අපේ රටටත් බලපා තිබෙනවා. කතාවක් තිබෙනවා ලෝකයේ ධනවත් රටවල්වලට සෙම්ප්‍රතිශ්‍යාව හැදෙන කොට දුප්පත් රටවලට නියුමෝනියාව හැදෙනවා කියළා. ඒ වගේ රුසියාව හා යුක්රේණය අතරත්, ඊශ්‍රායලය හා පලස්තීනය අතරත් ඒට ගත් යුද්ධය නිසා ආනයනය කරන භාණ්ඩ මිල ඉහළ යාමේ අවදාමක් තිබෙනවා.

ජල බිල්පත් ඉහළ යන බවට තොරතුරු මාධ්‍යවල පළවී තිබුනා. නමුත් මම කියන්නේ මේ අවස්ථාවේ ජලබිල්පත් වැඩි කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා එවැනි යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වුවහොත් ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන්නේ නැහැ.