Spread the love

ඉකුත් වසරේදී සියයට හැත්තෑවකින් පමණ විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් පසු බිල්පත ගෙවාගත නොහැකි වී විදුලිය සිඳලු පාරිභෝගිකයන් ලක්ෂයක පමණ පිරිසක් යළි විදුලි සබඳතා ලබා ගැනීමට නොහැකිව අසරණව සිටින බව ලංවිම විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ.

බිල් ගෙවන්න බැරි වූ ලක්ෂයකගේ ලයිට් කැපිලා
මෙරට විදුලි පාරිභෝගිකයන් හැත්තෑහතර ලක්ෂයක් සිටින අතර රටපුරා විදුලි පාරිභෝගික මධ්‍යස්ථාන දෙසිය හැත්තෑවක් තිබෙන බව ලංවිම පාලනාධිකාරිය කියා සිටී. මීට අමතරව ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල හැත්තෑවක් රටපුරා පිහිටා තිබේ. ලංකා විදුලි පුද්ගලික සමාගම කාර්යාල හතළිහක් පමණ මෙරට ඇත.

මේ සම්බන්ධයෙන් ලංවිම පාලනාධිකාරියෙන් කළ විමසීමේදී එහි උසස් නිලධාරියකු කියා සිටියේ එලෙස විදුලි විසන්ධි කළ පිරිස සම්බන්ධයෙන් තමා සතුව තොරතුරු නොමැති බවයි. කෙසේ වෙතත් යම් විදුලි පාරිභෝගිකයකුට විදුලි බිල ගෙවාගත නොහැකි වී විදුලිය සිඳලා තිබේනම් එම හිඟ බිල්පතින් කොටසක් ගෙවූ විට යළි සබඳතාව ලබාදීමට ලංවිම කටයුතු කරන බව ද ඔහු කීවේය. නමුත් හිඟ බිල්පත යම්කිසි නිශ්චිත කාලයක් තුළ ගෙවා අවසන් කළ යුතු බවට පොරොන්දු විය යුතු බව ද එම නිලධාරියා සඳහන් කළේය.

ඉකුත් වසරේදී විදුලි ගාස්තු සියයට හැත්තෑවකින් පමණ ඉහළ දැමීම නිසා විදුලි බිල්පත් ගෙවා දැමීමට නොහැකි වී විදුලිය සිඳලන අවස්ථා වැඩි වී තිබෙන කාරණය සත්‍ය බව ද එම නිලධාරියා සඳහන් කළේය.