Spread the love

සමනල වැව ජලාශයේ සිදුරු තවදුරටත් පැවතීම ඉතා අනතුරුදායක බව භු විද්‍යාඥයින් ප්‍රකාශ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

මන්ත්‍රීවරයා මේ පිළිබඳව සඳහන් කොට ඇත්තේ පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදීයි.

මේ පිළිබඳව වගකිවයුතු පාර්ශව කැඳවා කරුණු විමසු අවස්ථාවේ මේ සම්බන්ධයෙන් භු විද්‍යාඥයින් විසින් අනතුරු අඟවා ඇති අතර බලධාරින්ගේ පාර්ශ්වය වන විදුලිබල මණ්ඩලය මෙම කාරක සභා රැස්වීම මඟහැර ඇති බවයි වාර්තා වෙන්නේ.