Spread the love


නිමල් රාජපක්ෂ-

බියර් හා වයින් ඇතුළු මෘදු මත්පැන් භාවිතා කිරීම සඳහා ලබා දී තිබූ අවසරය අත්හිටුවීමට පෙරේදා (18) ලබාදුන් නියමය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කොට ඇත.
මෙම මෘදු මත්පැන් සදහා අනුමැතිය ලබා දි තිබුනේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ප්‍රවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්, ආපනශාලා සහ සංචාරකයන්ට නවාතැන් හා සේවා සපයනු ලබන සංචාරක ආයතන සඳහාය .

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මෙම නියෝගය කොට ඇත්තේ අභියාචනාධිකරණයේ විභාග වෙමින් පවතින 313/2023 හා 371/2023 යන නඩුකරයන් සම්බන්ධයෙන් අද දින අධිකරණය ලබාදෙන ලද නියෝගයකට අනුවය.

මේ අනුව මේ දක්වා නිකුත් කර ඇති මෘදු මත්පැන් භාවිතා කිරීම සඳහා ලබා දෙන අවසර පත්‍ර යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ප්‍රවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්, ආපනශාලා සහ සංචාරකයන්ට නවාතැන් හා සේවා සපයනු ලබන සංචාරක ආයතන සඳහා බාධාවකින් තොරව සිය මෘදු මත්පැන් භාවිතා කිරීම සිදු කල හැකි බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,අතිරේක සුරාබදු කොමසාරිස් ජෙනරාල් (ආදායම් මෙහෙයුම් හා නීති ක්‍රියාත්මක කිරීම්) ආචාර්ය කපිල කුමාරසිංහ මහතා පවසයි.