Spread the love

පවතින අධික වැසි සහිත කාලගුණ තත්වයත් සමග මහවැලි ජලාශවල ජල මට්ටම 46% ක් දක්වා ඉහළ ගොස් ඇතිබව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ජල පාලන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිලන්ත ධනපාල මහතා පැවසීය.

ඒ අනුව කොත්මලේ ජලාශයේ ජල ධාරිතාව 77%ක් දක්වාත් වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව 44% ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.

මේ අතර මහ කන්නයේ වගාව සඳහා ජලය නිකුත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇතිබව අධ්‍යක්ෂවරයා පැවසීය.
එම කටයුතු ලබන මස පළමු වැනි දායින් අවසන් කිරීමට නියමිතයි.

ඒ හේතුවෙන් නියමිත කාලසටහන් අනුව වගාව ආරම්භ කරන ලෙස ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියි.