Spread the love

ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් වෙනුවෙන් හෝටල් ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් අවබෝධයක් සහ ප්‍රායෝගික දැනුමක් ලබා දෙමින් ජාත්‍යන්තරව පිළිගත් සහතික පත්‍රයක් සමගින් දෙස් විදෙස් රැකියා අවස්ථා සදහා යොමු කිරීමේ අරමුණ ඇතිව ජාතික යොවුන් සේනාංකය සහ ස්විස් හොටෙල් මැනේජ්මන්ට් ඇකඩමිය අතර අවබෝධතා ගිවිසුමක් ඊයේ (17) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී අත්සන් තැබිණි.

මෙම ගිවිසුම ශ්‍රී ලංකා රජය සහ ස්විස්ටර්ලන්ත රජය මැදිහත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති ජාතික යොවුන් සේනාංකයත්, බවර්ස් (Baurs) ව්‍යාපාරික ආයතනයත් එකතු වී අත්සන් තැබූ අතර, අවබෝධතා ගිවිසුම අනුව රටෙහි හෝටල් කර්මාන්තය සදහා තරුණ තරුණියන් වෘත්තීය මට්ටමින් ශක්තිමත් කිරීමට පුහුණුවීම්හි වියදම දැරීමට එකගත්වය පළ කර තිබේ.