Spread the love

පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගේ මෙම සේව දිගුව අවසන්වීමත් පසු නව පොලිස්පති ලෙස නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්වීමට ඉඩ ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

තෙන්නකෝන් මහතාගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලැබීමත් සමග ඊට අනුමැතිය හිමි වනු ඇතැයි වාර්තාවේ සඳහන්ය.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා බවට පත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ද අනුමැතිය හිමිවනු ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේද සහය ලැබෙනු ඇති බවත් වාර්තාව තවදුරටත් කියා සිටියි.