Spread the love

නාගොඩ සුමන

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ යාපනයේ ආරම්භ කර ඇති ඇඹුල් කෙසෙල් වගා ව්‍යාපෘතිය සහ අඹ ව්‍යාපෘතිය මේ වනවිට ඉතා සාර්ථක වගා ව්‍යාපෘති දෙකක් බවට පත්ව ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
මේවනවිට ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය අක්කර 200ක ක්‍රියාත්මක වෙයි.

අක්කර 500ක අඹ වගා කර තිබේ.

යාපනයේ ඇඹුල් කෙසෙල් හා අඹ වගාවන් අපනයනය ඉළක්ක කර ගනිමින් වගා කර තිබේ.

මේ වනවිට රාජාංගනය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය හා ඒකාබද්ධ වෙමින් සෑම සතියකට වරක් ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 10000ක් ඩුබායි වෙළෙද පොලට ප්‍රවාහණය කරන බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

විශේෂයෙන් අධි ඝනත්ව වගා ක්‍රමය යටතේ බිම් ප්‍රමාණයෙන් උපරිම අස්වැන්නක් ලබා ගැනීම සඳහා එම වගා ක්‍රමය හඳුන්වාදිමට කටයුතු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.