Spread the love

ගජ මුතු දෙකක් විකිණීමට තැත්කල පුද්ගලයන් තිදෙනෙකු ත්‍රීරෝද රථයක් සමඟ දඹුල්ල නගරයේදී මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් සිටින බව දඹුල්ල පොලීසිය පවසයි.

වයස අවුරුදු 16, 60 වයස් වල පසුවන හදුන්ගමුව සහ ගණේමුල්ල ප්‍රදේශ වල පදිංචිකරුවන් මෙලෙස අත්අඩංගුවට ගත් අය තර වෙයි.

මාතලේ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.