Spread the love

ඔහු සිය මවගෙන් මුදල් ඉල්ලා කරදර කිරීම නිසා උරණවු සහෝදරයකු අදාල පුද්ගලයාට පිහියෙන් ඇන ඝානකය කර තිබේ.

මෙලෙස ඔහුගේ පපු ප්‍රදේශයට පිහියෙන් ඇන ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවී ඇත ර සිද්ධියෙන් මියගොස් ඇ්තතේ කිරුලපන ප්‍රදේශයේදී පදිංචි 29 හැවිරිදි එක් දරු පියෙකි.

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 32 හැවිරිදි වියේ පසුවන ඔහුගේ සොහොයුරා කිරුළපන පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා තදබල ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව සිටි අයෙකු බවට හෙළිවී තිබේ..

සැකකාර සොහොයුරා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කිරුළපන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.