Spread the love

ඊශ්‍රායලය හා පලස්තීනය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය මතය රට පුරා කර්මාන්තශාලා හා සමාගම් වෙත ඩීසල් බෙදාහැරීම නියාමනය කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබේ.

මේ පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය විසින් මෙරට ඉන්ධන ආනයනකරුවන් වෙද ලිඛිතව දැනුම් දීමට පියවර ගෙන තිබේ.

පසුගිය සමයේ ඇති වූ ඉන්ධන හිගය කළමනාකරණය කිරීම සඳහා හඳුන්වා දුන් OR ක්‍රමය නව මුහුණුවරක් යටතේ නැවත ඇති කිරීමට ද අවධානය යොමු වී ඇත.

යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන හිගයක් ඇති වුවහොත් ජනතාව පීඩනයට පත් නොවන ලෙස ඉන්ධන බෙදාහැරීම සඳහා නිසි යාන්ත්‍රණයක් සකස් කිරීම රජය මේ හරහා අරමුණු කරයි.