Spread the love

නිමල් රාජපක්ෂ-

පුරා වසර හතරකට ආසන්න කාලයක් තිිස්සේ මාර්ග හා කර්මාන්ත අංශයේ නිලධාරීන්හට දැන්වුවත් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගය ක් නොගැනීම නිසා බන්ඩාරවෙල දුම්රිය ස්ථානය වර්ෂාව කාලයට යටවන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ හිටපු ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.

මේ හේතුව නිසා දුම්රිය මගීන් , සංචාරකයින් දැඩි අපහසුතාවයට පත්වන අවස්ථා බොහෝයි.මගීන් යවන පාර්සල් බොහොමයක් ජලයට අසුවී විනාසවීම නිසා පාර්සල් අයිතිකරුවන් අලාභ ගෙවිමට සිදුවන අවස්ථාව තිබෙනු ඇත. දුම්රිය බලධාරීන් මාර්ගය හා කර්මාන්ත අංශයේ නිලධාරීන් මේ පිළිබදව අවධානය යොමු කරන්නේ නම් මෙවැනි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු නොවන බවද කසුන් චාමර මහත ා පැවසුවේය.