Spread the love

අයකර උපකාරක පංති පවත්වා ඉගැන්විම් කිරිම නැගෙනහිර පළාතේ සම්පූර්ණයෙන් තහනම් කරමින් පලාත් අධ්‍යාපන ලේකම්වරයා චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ.

මෙම නියෝග කඩ කරණ ගුරුවරුන් සම්බන්ධයෙන් අධීක්ෂණය කිරිම සදහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට, විදුහල්පතිවරැන්ට,විෂය සම්බන්ධීකාරකවරැන්ට හා පාසල් අධීක්ෂණ නිලධාරීන්ට මෙම චක්‍ර ලේඛයෙන් බලය පවරා තිබේ.

මෙම නියොග කඩ කරණ ගුරුවරුන් සම්බන්ධයෙන් දෙමව්පියන් පැමිණිලි කරන්නේ නම් පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන ඒකකයට හෝ පැය 24 පුරා ක්‍රියාත්මක ආණ්ඩුකාර මහජන පැමිණිලි කාර්යාංශයේ 0267500500 යන දුරකතන අංකය අමතා පැමිණිලි ඉදිරිපත් කල හැකි බව එම චක්‍ර ලේඛයේ දැක්වේ .