Spread the love


නිමල් රාජපක්ෂ-


බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය බීඩි නිෂ්පාදනාගාරයක් රාජාංගනය ප්‍රදේශයෙන් වටලා රුපියල් විසිපන් ලක්ෂයක් වටිනා බීඩිි , දුන්කොල හා තෙන්ඩුකොල තොගයක් සමගින් එක් සැකකරුවකු අනුරාධපුර සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් බීඩි නිෂ්පාදනාගාරයේ තිබී බීඩි 53000 ක් ,දුන්කොල කිලෝ 52 ක්, තෙන්ඩු කොල කිලෝ 5 ක් සොයා ගත් බව උතුරු මැද පළාත් සහකාර සුරාබදු කොමසාරිස් එස්.කේ .වනිගතුංග මහතා පවසයි.
අත්අඩංගුවට ගත් භාණ්ඩ හා සැකකරු සුරාබදු කොමසාරිස් ජෙනරාල් සමන් ජයසිංහ මහතා වෙත ඉදිරි පත් කිරීමෙන් පසු බීඩි තොගය රාජපන්තක කොට අදාල සැකකරුට රුපියල් ලක්ෂ තුනක දඩ මුදලක් ගෙවන ලෙස නියම කොට ඇත.
උතුරු මැද පලාත් සහකාර සුරාබදු කොමසාරිස් එස්.කේ .වනිගතුංග මහතාගේ උපදෙස් මත, අනුරාධපුර සුරාබදු අධිකාරී එම්.එන්.ඒ.හේරත් මහතා ගේ අධික්ෂණය යටතේ ,අනුරාධපුර සුරාබදු ස්ථානාධිපති , ප්‍රධාන සුරාබදු පරික්ෂක එච්.එස්.ඩී.පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් , සුරාබදු පරීක්ෂක උදයංගන ,සුරාබදු කෝප්‍රල් එස්.කේ.හේරත්,නියාමක(1070) දෙනුවන්,රියදුරු යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.