Spread the love

මෙවර 05 ශ්‍රේණිය සදහා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය හෙට (15) පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාගය සඳහා සිසුන් තුන් ලක්ෂ තිස් හත් දහස් පන්සිය අනූ හය දෙනෙකු පෙනී සිටීමට නියමිතයි.
ඒ සඳහා විභාග මධ්‍යස්ථාන 2888 ක් පිහිටුවා තිබේ.

මෙවර විභාගයේදී දෙවන ප්‍රශ්න පත්‍රය සඳහා සිසුන් පළමුව පිළිතුරු සැපයිය යුතුය.
කාලගුණයේ බලපෑම නිසා හෝ හදිසි තත්ත්වයකදි විභාග මධ්‍යස්ථානයට පැමිණීමට බාධා මතුවන දරුවන්ට, ළඟම පිහිටි විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට පහසුකම් සලසා ඇතිබව විභාග දෙපාර්තමේන්තුව පවසයි.