Spread the love

දැනට පවතින යහපත් කාලගුණ තත්වය හමුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව සහ පින්නදූව අතර කොටසේ මේවන විට විවෘත්ත කර නොමැති මංතීරු දෙකද නුදුරේදීම විවෘත්ත කිරීමට හැකි වනු ඇතිබව අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු අංශය පවසයි.

මේවන විට එම කොටසේ මීටර් 700 ප්‍රදේශයේ දෙපසටම එක් මංතීරුව බැගින් විවෘත්ත කර තිබේ.

පසුගිය 11 වැනිදා රාත්‍රි 08.30 පමණ ඉමදුව සහ පින්නදූව අතර 102km කණුව අසල සිදුවූ පස් කදු කඩා වැටීමෙන් පැය 24 ආසන්න කාලයක් සම්පූර්ණයෙන්ම රථවාහන ධාවනයට බාධා මතුවිය.