Spread the love

ගාසා තීරයේ උතුරු කොටසේ සිටින සියලුදෙනා ඉදිරි පැය 24ක කාලය තුළ ගාසා තීරයේ දකුණු දෙසට යායුතු බව ඊශ්‍රායලය පවසා තිබේ.

ඊශ්‍රායලය විසින් ඒ බව නිවේදනය කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇත.

එම කලාපයේ මිලියන 1.1ක පමණ ජනතාව ජීවත්වන අතර විචාරකයින් පවසන්නේ කෙටි කාලයක් තුළ එවැනි විශාල පිරිසකට ඉවත් වීම අපහසු බවය.