Spread the love

ඉමදූව හා පින්නදූව අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ 102 කිලෝමීටර් කණුව ආසන්නයේ නායයාමෙන් මාර්ගයේ පස් ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදුකෙරෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු අධ්‍යක්ෂ ආර්.ඒ.ඩී කහටපිටිය මහතා පැවසුවේ අදාළ මාර්ග කොටසේ නාය යැම් අවදානම තවදුරටත් සම්පුර්ණයෙන් පහව ගොස් නොමැති බවයි.
පස් සහ ගල් ඉවත් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින අතර රථවාහන ගමනාගමනය සඳහා මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නැති බවද මාර්ග සංවර්ධන අධිකාරි පවසයි.
කෙසේවෙතත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුළු අනෙකුත් විමර්ශන අංශ සිදුකරන පරික්ෂණවලින් පසු ලබාදෙන නිර්දේශ අනුව ඉදිරි පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරිය වැඩි දුරටත් පැවසුවේය.