Spread the love

ලෝකය පුරා අණසක පැතිරවීම, තම සංවිධානයේ අරමුණ යැයි හමාස් අණ දෙන නිලධාරී මහමුද් අල් සහාර් මිනිත්තුවක වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත.

මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය ඇතුළත් වීඩියෝව, මේ වනවිට සමාජ මාධ්‍ය හරහා ද බොහෝ දෙනාගේ අවධානයට ලක් වී ඇති බව පැවැසෙයි. ‘ඊශ්‍රායලය අපේ පළමු ඉලක්කයයි. ඉන්පසු මුළු ලෝකයම අපේ අණසකට යටත් වේවි’ යැයි මහමුද් අල් සහාර් අවධාරණය කර ඇත.

අයුක්තිය අසාධාරණය නැති, පීඩිතයන් නැති, අපරාධ නැති, සියලු දෙනා එකිනෙකාට ගරු කරන, යහපත් ලෝකයක් බිහි කිරීම තම සංවිධානයේ අරමුණ යැයි ද මහමුද් අල් සහාර් එම වීඩියෝව හරහා වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.