Spread the love

න‌ගොඩ -සුමන

පිලියන්දල මඩපාත ප්‍රදේශයේ සඟවා තිබූ තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද ලියාපදිංචි නොකරන ලද යතුරු පැදි සහ අමතර කොටස් තොගයක් සමඟ පුද්ගලයකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇතිබව පිලියන්දල පොලිසිය පවසයි.

අත්අඩංගුවටගත් උපකරණ තොගයේ යතුරු පැදි 04ක්,යතුරු පැදි ඉන්ජින් 04 සහ චැසි කොටස් 06 තිබේ.

අදාල සැකකරු වයස අවුරුදු 24ක්වූ පිලියන්දල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

සිද්ධිය පිළිබද පිලියන්දල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.