Spread the love

මාතලේ, කවුඩුපැලැල්ල A9 මාර්ගයේ අනුරාධපුර – මාතලේ නගරාන්තර ශීඝ්‍රගාමී බස් රථයක යතුරු පැදිය ගැටීමෙන් යතුරු පැදිය පැදවු කාන්තාව මියගොස් තිබේ.

සිය දරුවා ව පෙර පාසල නිමා වී නිවසට රැගෙන එමින් සිටිය දී මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයේ ගැටී මෙම අනතුර සිදු ව ඇත.

අනතුරට හේතුව බස් රියදුරා ගේ නොසැලකිලිමත් රිය ධාවනය බව වාර්තා වේ.

මියගොස් ඇත්තේ, වයස අවුරුදු 28ක මාතලේ පදිංචි දෙදරු මවකි.

අනතුර සිදු වූ ස්ථානයේ දී ම කාන්තාව මියගොස් ඇති අතර, තුවාල ලැබූ දරුවා මාතලේ මහරෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.