Spread the love

ඉදිරි පැය 24 තුළ නිල්වලා ගං ද්‍රෝණියට ගංවතුර තත්ත්වයක් සම්බන්ධයෙන් රතු නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කරඇත.

නිල්වලා ගං ද්‍රෝණියට ඉදිරි පැය 24 ක කාලය තුළ මිලිමීටර 100 කට වඩා වැඩි තද වැසි ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවා ඇති අතර එසේ වැසි තත්ත්වයක් ඇති වුවහොත් නිල්වලා  ඟඟේ විශාල ගංවතුර ආරක්ෂණ බැමි ඇතැම් ස්ථානවලින් උතුරා යා හැකි බවයි සඳහන් වන්නේ.

මේ හේතුවෙන් මාතර කඹුරුපිටිය, මාලිම්බඩ, තිහගොඩ, අතුරලිය සහ අකුරැස්ස යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්වලට විශාල ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බැවිත් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.