Spread the love

අකුරැස්ස ප්‍රදේශයේ දියලපේ ප්‍රදේශයේ විශාල පස් කන්දක් නායයෑමෙන් පවුල් 21 ක් ආපදාවට ලක්වී තිබේ. කන්ද නාය යාමෙන් මෙතෙක් දේපල හානි සිදුවුවත් ජීවිත හානි කිසිවක් සිදු නොවු බව බව අකුරැස්ස පොලිසිය පවසයි.

නායයෑමේ ලක්ෂණ පහළවීමත් සමග අකුරැස්ස පොලිස් ස්ථානයේ උපදෙස් මත ප්‍රාදේශීය ලේකම්වරියගේ මැදිහත් වීමෙන් අනතුරුදායක පවුල් 21 එම ස්ථානවලින් ඉවත්කිරීමට පියවර ගෙන ඇත.

එම ආපදාවට ලක්වූ පවුල්වල 70කට ආසන්න පිරිසක් මේ වනවිට දියලපේ විහාරස්ථානයේ සහ දියලපේ පාසලේ රඳවා ඇති බවයි සඳහන් වන්නේ.

.