Spread the love

ශ්‍රී ලංකාව වත්මන් ආර්ථික අභියෝගයෙන් මුදවාගෙන තරගකාරී ආර්ථිකයක් කරා ගෙන යාමට නම් රටේ මානව සම්පත ඒ සඳහා පෙළගැස්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

අභියෝග හමුවේ රට හැර යනවාද නැද්ද යන්න බුද්ධිමත් මානව සම්පත තීරණය කළ යුතු බවයි ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඉදිරි වසර පහ තුළ ලෝකයේ බොහෝ වෙනස්කම් සිදුවිය හැකි බව ගෝලීය තත්ත්වයන් නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන බවද, සංවර්ධිත රටවල් පවා ඉදිරියේ දී ආර්ථික අභියෝගවලට ලක්විය හැකි බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.