Spread the love

කොළඹ නෙලුම්පොකුණ රඟ හල දෙසින් නිදහස් චතුරශ්‍රය දෙසට පිවිසීමේදී CCC ක්‍රීඩාංගණය අසළ පිහිටි චතුරශ්‍රය ආසන්නයේ රාජකාරියේ නිරත කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙකු අනතුරකට ලක්ව බරපතල තුවාල ලබා ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළු කර තිබේ.

රාජකාරී කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගැටුණු මෝටර් රථය වතුර මලේ ගැටී නතරවී ඇත.

මෙම රථය පැදවූ බවට පැවසෙන උසස් පොලිස් නිලධාරියෙකුගේ පුත්‍රයෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත..

තුවාල ලබා ඇති පොලිස් නිලධාරියා වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.