Spread the love

තමා නැවත රට පාලනය නොකරන බව ත් අලුත් නායකයෙකු යටතේ රට ඉදිරියට යා යුතු බව ත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නැති බවට ජනාධිපතිවරයා විදෙස් මාධ්‍යයකට කළ ප්‍රකාශය නිවැරදි බව ද හිටපු ජනාධිපතිවරයා කීය.

සමාජ මාධ්‍ය වාරණයට කිසිවෙකු මැතිසබේදී අත් ඔසවන්නේ නැතැයි ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පැවසීය.

රටේ ජනතාව අමාරුවෙන් ජීවත් වන බව ත් ඔවුන්ට පිහිට විය යුතු බව ත් රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් ඕනෑ ම කෙනෙකුට උපදෙස් දීමට තමා සූදානම් බව ත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

තමා රට පාලනය කළ කාලයේ ප්‍රශ්න ඇති නොවූ බව ද හිටපු ජනාධිපතිවරයා කීය.

ඊයේ (ඔක්. 4) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.