Spread the love

චීනයේදී දැන් පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට තරුෂි කරුණාරත්න අද (4) පස්වරුවේ සමත් වූවාය.

මෙය ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලදී වසර 21 කට පසුව දිනාගත් රන් පදක්කම වීම කැපී පෙනේ.

තරුෂි මිනිත්තු 2.03:20 ක කාලයකින් තරගය අවසන් කිරීමට සමත් වූවාය. එම ඉසව්වේ රිදී පදක්කම ඉන්දියාවට ද, ලෝකඩ පදක්කම චීනයට ද, හිමිවිය.