Spread the love

සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එලවා නොදැමුවේ නම් මේ ආකාරයෙන් බදු වැඩිවීමක් හෝ තෙල් මිල වැඩි වීමක් සිදු නොවන බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

බදු, තෙල් සහ විදුලි මිල අඩු කරන ලද නායකයා අරගලයක් කර එලවාගත් බවද, එලෙස එලවා දැමීමෙන් පසු පැමිණි ජනාධිපතිවරයා​ට සියල්​ල වැඩිකරනවා ඇරෙන්න වෙන කිරීමට යමක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ