Spread the love

මාස හයයි දින 11ක් වයසැති සිය දියණියට පහර දී ඝාතනය කළේ යැයි කියන එම දැරියගේ 21 හැවිරිදි මව සැකපිට අත්අඩංගුවට ගත් බව ඌරුබොක්ක පොලීසිය පවසයි.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ඌරුබොක්ක කටුවන ගෙදර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

පසුගිය තිස් වෙනිදා දරුවා සෝදා පිරිසුදු කිරීමේදී නොසිතූ ආකාරයට හිස බිත්තියේ වැඩුණේ බව කියමින්මව විසින් එම සිඟිත්තිය සිගිත්තිය රෝහල්ගත රෝහල්ගත කර තිබෙන බව පොලීසිය කියයි.

වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි මෙම දැරිය මිය යෑමෙන් පසු සැක සහිත මරණයක් ලෙස සලකා ඌරුබොක්ක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම පරීක්ෂණවල දී මව විසින් ඇගේ සිගිති දරුවාට තදබල ලෙස පහර දීමක් සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු ඇය සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය කියයි